bgr
Jinati

“සබ්බ දානම් ධම්ම දානම් ජිනාති”
සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨ වන්නේද අග්‍ර වන්නේද ධර්ම දානයයි.
මෙම උතුම් බුදු වදන පෙරටු කොට ගෙන ලෝ වාසී බෞද්ධ පින්වතුන් වෙත උතුම් වූ ත්‍රිපිටක ශ්‍රි සද්ධර්මය පාලියෙන් සහ සිංහලෙන් පහසුවෙන් පරිහරණය සඳහාම ගොඩනංවන ලද වෙබ් අඩවියකි.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ශ්‍රි සද්ධර්මය ඉන්පසුව සැරියුත් මුගලන් ආනන්ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු ඉන් පසුව මහින්ද මහ රහතන් වහන්සේ විසින් අපට ලැබුනු මෙලොව අති උතුම් රත්නය ත්‍රිපිටක ශ්‍රි සද්ධර්මයයි
එම අති උතුම් ධර්ම රත්නය අවබෝධ කරන්නට වීර්යය දරණ ඔබ වෙත එම අවස්ථාව සලසා දීම සඳහා ගන්නා ලද උත්සාහයකි ජිනාති වෙබ් අඩවිය.
පලමුව සූත්‍ර පිටකයත් ඉන් අනතුරුව විනය පිටකය සහ අභිධර්ම පිටකයද මේ ආකාරයට ඔබ වෙත ලබා දීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අපගේ මෙම උත්සාහය පිලිබඳව ඔබගේ අදහස් සහ යෝජනා අගය කරන්නෙමු.
ඔබට තෙරුවන්සරණයි!

Notes

Youtube videos aren’t included.

Release date

2016-08

Alt titles

ජිනාති; Jinati – Dhamma Books and Videos

Source

http://jinati.com

Jinati screenshots

Jinati Gameplay

Leave a Comment